දඟකාර මහල්ලා

චෞධරීගේ බැල්ම කොටියෙකු මත නැවතිනි. එක් හිතුවක්කාර සිතුවිල්ලක් ඔහුගේ මොළය තුළින් ජිරාෆ් එකකු මෙන් පැනගෙන පිටවිය. බොම්බායේ නගරයේ මිනිස්සු බල්ලෝ බළල්ලු නම් හදනව. බල්ලන්ගේ බෙල්ලේ පටි ගැටගහගෙන ආඩම්බරයෙන් පාරවල්වල සක්මන් කරනවා. ඒ වෙනුවට කවුරු හරි කොටියගේ බෙල්ලේ පටියක් දමාගෙන ගමන් කළොත් කොහොම තියේවිද? මිස් ලිලී දම්වැලක් අතින් අල්ලාගෙන කොටියෙක් සමග ගමන් කරනු ඔහු සිතින් මවා ගත්තේය.

“හැරියා විශ්වාසය තබගනින්! මම මැරෙන්නේ නැහැ. තවමත් මම එකසිය අවුරුදු සම්පූර්ණ කළේ නැහැ. මම උඹෙන් මෙච්චරයි ඉල්ලන්නේ. මුලාවෙලා මගේ කටට බෙහෙත් වක්කරල මගේ ආත්මය විනාශ කරන්න එපා.!

කොටියා පිම්මක් පැන පාර දිගේ දුවන්නට විය. චිම්පන්සියා හරබංසගේ උරහිස මත හිඳගෙන සිටී. හරබංසගේ හිසකෙස් ඌ තදින් අල්ලාගෙන සිටියේය. සියළු දෙය විචිත්‍ර ලෙස පෙනුණි. කොටියා මත හරබංස, හරබංසගේ කරෙහි චිම්පන්සියා. මිනිසුන් කාර්වල කවුළුවලින්, නිවෙස් වල ජනෙල් තුළින් බලමින් සිටියහ. පාරෙහි ගමන්ගත් මිනිස්සු කොටියාව දැක පණ එපා කියමින් දුවන්නට වූහ. හරබංස සිතන්නට විය. දැන්නම් පණ ගියා. මේ කොටියා කොහේ ගිහින් නවතීවිද නොදනී.

රු450.00

SKU: EB201564 Categories: , , Tag:

Description

Author               : Abid Surti
Translation By    : D. P. Samarasinghe
Published By      : wijesooriya Grantha Kendraya
Language           : Sinhala

Additional information

Weight 200 g
Publisher

Wijesooriya Grantha Kendraya

Writer

D. P. Samarasinghe

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.