Description
Translation By : Gunadasa Yapa
Publications : Pahan Publications
Language : Sinhala
විවිධ ගැටලු සහිත ළමයින්ට පිහිට වීම සඳහා පාසලෙහි ස්ථාපනය කර ඇති විශේෂ ඒකකය භාරව කටයුතු කරන්නේ, කේසි වොට්සන් නමැති ගුරුවරියයි. දොළොස් හැවිරිදි එක් දැරියකගේ මව, අමතර අදායමක් සඳහා ගණිකා වෘත්තියෙහි නියැළෙන අතර සිය ලාබාල දියණිය ද ඒ සඳහා යොදා ගනී. ඒ වයසෙහිම වූ පිරිමි ළමයකුගේ පියාගෙන් පවුලේ අයට බොහෝ හිරිහැර සිදු වේ. එකොළොස් හැවිරිදි දැරියකගේ මව මත්පැන් පානයට ඇබ්බැහි වූ කාන්තාවකි. සමාජ සේවා නිලධාරීන් විසින් එම දැරිය රැක බලා ගැනීම සඳහා කැපකරු පවුලක් වෙත පවරා තිබේ. කේසි ගුරුතුමිය, එබඳු දරුවන්ට පිහිට වීමට දරන උත්සාහය බෙහෙවින් ප්රශංසනීයයි. ඒ සඳහා ඇය බොහෝ විට, සිය පවුලේ වගකීම් ද පැහැර හරී. ඇගේ කැපවීමත්, අප්රතිහත ධෛර්යත්, ගුරු දෙගුරු දෙපක්ෂයේ පමණක් නොව, දරුවන්ගේ ද ඇගයීමට ලක්වේ.
Reviews
There are no reviews yet.